ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ පියා

මගේ මතකය නිවැරදි නම් හා මා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ගවේශනය කර ඇති අන්දමට,ශ්‍රී ලංකා භූමිය තුල ක්‍රිකට් ක්‍රීඩා කිරීම ඇරැඹී ඇත්තේ 1830 තරම් ඈත කාලයක වන අතර,මෙරට පැවැති පලමු පිලිගත හැකි ක්‍රිකට් තරගවාරය ලෙස වාර්තා වී ඇත්තේ,1870-1888 අතර කාල වකවානුව තුල මෙරටට පැමිනි අයිවෝ බ්ලයි නමැත්තාගේ නායකත්වයෙන් මෙරටට සේන්දු වූ ඉංග්‍රීසි ජාතික නාවිකයන් පිරිසකි,මොවුන් සිය නිවාඩු දිනවල යලි ආපසු නික්මෙන තුරුම මෙරට වැසියන් සමග තැනින් තැන එවකට ශ්‍රී ලාංකිකයිනට නුහුරු නුපුරුදු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී ඇතිබවට ඉතිහාසයේ සදහන්.

ඉන් අනතුරුව 1975,1979 ලෝක කුසලාන සහභාගීත්වය ,1982 වසරේ ටෙස්ට් වරම් දිනාගැනීම ආදී කාරනා සදහා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන ,උන්නතිය වෙනුවෙන් ක්‍රීඩකයින් ලෙස සිය ජීවිතයම පාහේ මිඩංගු කල අතලොස්සක් පිරිස අතරින් එදා මුල් යුගයේ 1975,1979 පෘඩන්ශල් ලෝක කුසලාන තරගාවලි දෙකටම නායකත්වය දුන් අනුර තෙන්නකෝන් ,ශ්‍රී ලංකා පලමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්නපුර,එවකට ක්‍රිකට් වීරයන් වු රෝයි ඩයස්,සිදත් වෙත්තමුනි,විනෝදන් ජෝන්,අනුර රණසිංහ,දුලිප් මෙන්ඩිස්,බ්‍රෙන්ඩන් කුරුප්පු,රුමේශ් රත්නායක වැන්නන් හා 1996 විල්ස් ලෝක ක්‍රිකට් ශූරතාවය මෙරටට දිනා දීමට ක්‍රියාකල නායක අර්ජුන රණතුංග,රොශාන් මහානාම,අසන්ක ගුරුසිංහ,රවින්ද්‍ර පුශ්පකුමාර,කුමාර ධර්මසේන,රොමේශ් කලුවිතාරන,හශාන් තිලකරත්න,ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා එවකටද ක්‍රීඩා කල පසු කලෙක ලෝක පූජිත ක්‍රීඩකයින් ලෙස හැදින්වූ සනත් ජයසූරිය,අරවින්ද ද සිල්වා,මුත්තයියා මුරලිදරන්,චමින්ද වාස්,රංගන හේරත්,මාවන් අතපත්තු සහ මෑත යුගයේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිතම නිමැවුම් දෙකක් වන කුමාර් සංඝක්කාර හා මහේල ජයවර්දන දෙපලද අවිවාදයෙන් තොරව හැදින්විය හැක.

මා ඉහත සදහන්කල එදා මෙදා තුර ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිතමයින් අතුරින් ,ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකල පලමු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙමින් එදා 1982 මංගල ටෙස්ට් තරගයටද ක්‍රීඩා කල,1996 විල්ස් ලෝක ශූරතාවය මෙරටට දිනා දීමට නායකත්වය දුන්,මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා සුවිශේෂී කඩයිම් රැසකටම දායකත්වය දුන් අර්ජුන රණතුංග නම් ක්‍රිකට් විරුවා එහා මෙදා තුර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස හැදින්වීම අතිශය සාධාරන කාරනයක් බැව් මා සිතමි.

එදා..2000 වසරේ පෙබරවාරි 26 දින ශ්‍රී ලංකාවත් පාකොස්තානයත් අතර තරග තුනකින්‍ යුතු ටෙස්ට් සටනේ පලමුවැන්න ලෙස පාකිස්තානයේ රාවල්පින්ඩි නුවරදී ඇරඹුනා,ඒ මාර්තු පලමු වන දින තෙක්.
කාසියේ වාසිය දිනූ සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කන්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට පාකිස්තානුවන්ට ඇරයුම් කල අතර,චමින්ද වාස්,ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන්ගේ කඩුලු දඩයම හමුවේ පාකිස්තානු පලමු ඉනිම ලකුනු 182කට සීමාවුනා.
සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාගේ සුපිරි ශතකයත් 112(276) හා චමින්ද වාස්ගේ සටන්කාමී අර්ද ශතකයත් 53(87) නිසාවෙන් සිය පලමු ඉනිමට ලකුනු 353 ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනි.
සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කල යුනිස් ඛාන්ගේ මංගල ටෙස්ට් ශතකය 107(250) හා නායක සහීඩ් අන්වර්ගේ වටිනා ලකුනු 84(219) පාකිස්තානයට සිය දෙවන ඉනිම සදහා විශාල ලකුනු 390 ක් දක්වා ලගාවීමට හකිවුනි.
තරගයේ හතරවන දින අග භාගයේ ශ්‍රී ලංකාවට ලකුනු 220ක ඉලක්කයක් සිය ජයග්‍රහනය සදහා හිමිවු අතර හතරවන දිනය නිමාකලේ 11/0 ලෙසයි.
2000 මාර්තු පලමු දින,තරගයේ අවසන් හා පස්වන දිනයේ වැඩි වාසි පාකිස්තානු පන්දුයවන්නන් කෙරේ ඇදීයන බවක් පෙනෙන්නට තිබූ අතර ,දගපන්දු යවන සක්ලේන් මුස්ටාක්,වේගපන්දු කරුවන් වූ අබ්දුල් රසාක් හා එවකට වේගපන්දුකරනයේ පතාක යෝදයකු බදු වකාර් යුනිස් ඇතුලු පන්දුයවන්නන් තරගයේ පාලනය සියතට ගෙන තිබුනි.
ලකුනු පුවරුව සදහන් වූයේ 177/6 ලෙසිනි,පන්දුව සිය අණසක යටතට ගත් අබ්දුල් රසාක් පිට පිට නුවන් සොයිසා හා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ කඩුලු බිද දැමුවා,ස්ලිප් හි පන්දු රකිමින් සිටි වජහතුල්ලා වස්ති අතට උඩපන්දුවක් දෙන සොයිසා දැවීයන අතර,රසාක්ගේ මීලග පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටීම හේතුවෙන් වික්‍රමසිංහ දැවීයනවා,දැන් තත්වය 177/8…ලකුනු දහයේ සීමාව පසුකොට කඩුල්ලේ අනෙත් අන්තයේ රැදීසිටි කඩුලු රකින රොමේශ් කලුවිතාරණට,මුහුනට ආරශිත ආවරනයක් නොමැති හෙල්මටයක් පැලැදි ඒ ක්‍රිකට් විරුවා අර්ජුන රණතුංග සිය වමතෙහි වූ ආබාධයද සමගින් යලි පිටියට එක්වන්නේ නමවැනි කඩුල්ල සදහායි,තම එක් අතක ඇගිල්ලක් පුපුරු ගසන වේදනාවෙන් එහි අස්ථියට පවා හානිව තිබියදී පිටියට පැමිනෙන්නේ සිය රට,කන්ඩායම පෙරට තබාගෙනය,එවකට ශ්‍රී ලංකා කන්ඩායමේ භෞත චිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි,පුහුනුකරු ඩෙව් වට්මෝර් දෙදෙනාගේ ආබාදය හේතුවෙන් තමන්ට විවේක ගැනීමට දී තිබූ උපදෙස් පවා නොතකමින් මොහු පිටියට පැමිනියේ ඔව්න්ගේ කේන්තියද මදක් අවුස්සාලමින්.
කඩුලු රකින රොමේශ් කලුවිතාරණ එක් අන්තයකින් කඩුල්ල රැකගෙන ලකුනු එකිනෙක පාකිස්තානුවන්ගෙන් සොරාගන්නා අතර ,සෙන්පති අර්ජුන රණතුංග සිය කන්ඩායම පරාජයෙන් ගලවාගන්නා ඉනිම ඇරඹුවේ තනි අතින් පිත්ත හසුරුවමින්.
ලකුනු සංක්‍යාව 209ක් ව තිබියදී,අර්ජුන රණතුංග විසින් කෙටි ලකුනක් සදහා කලුවිතාරණට ඇරයුම් කරන අතර ,පන්දු රකින්නා කඩුලු රකින මොයින් ඛාන්ට සෑහෙන එපිටින් පන්දුව එල්ලකිරීමේ වාසනාව හේතුකොටගෙන ඉන් ගැලවීමට හැකිවුනා.
අනතුරුව තරගය සියතට ගත් මේ සෙන්පතියා, සිය තනි අතින් තරගය ජය මාවත කරා ගෙනයන්නේ ප්‍රතිවාදී පන්දුයවන්නකු වූ අබ්දුල් රසාක්ට හතරේ සීමාව කරා ඇදුනු දර්ශනීය කවර් ඩ්‍රයිව් පහරකින් ද සංග්‍රහ කරමින්.
කෙසේ හෝ පරාජය වීමට තිබු තරගය විජයග්‍රහනයකින් කෙලවර කරන සෙන්පති රණතුංග හා රොමෙශ් කලුවිතාරණ නොබිදුනු ලකුනු 43ක් සබදතාවයක් නව වැනි කඩුල්ල වෙනුවෙන් සටහන් කරමින්,ඇර්ජුන රණතුන්ග නොදැවී ලකුනු 29ක් පන්දු 94ක්(රණතුංග මුල් ඉනිමේද ලකුනු 49ක් පන්දු 154ක් තුල ලබාගත්තේ හතරේ පහර හතරක්ද සමගින්) තුල හතරේ පහර දෙකක්ද සහිතව හා කලුවිතාරණ නොදැවී ලකුනු 36ක් පන්දු 75ක් තුල හතරේ පහර තුනක්ද සහිතව වාර්තා කරනවා.
රාවල්පින්ඩි තරගය මෙසේ තියුනු එක් කඩුල්ලකින් ජයගන්නා ශ්‍රී ලංකා පිල අර්ජුන රණතුංගයන්ගේ මෙම වීර ක්‍රියාව හේතුවෙන් දෙවන තරගයට පෙශාවර් බලා පිටත්වූයේ ජයග්‍රාහී මානසිකත්වයකින්,එහිදීද සටනකින් අනතුරුව ලකුනු 57ක ජයක් ලබන ශ්‍රී ලංකා පිල තරගාවලියේ ජයද වාර්තාකරනවා……
…..අවසානයේ රණතුංගගේ වීර ක්‍රියාවත් සමගම ලද අස්වැසිල්ලෙන් ඉපිලගිය ප්‍රීතියෙන් උද්දාමයට පත් භෞත චිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි හා පුහුනුකරු ඩෙව් වට්මෝර් ක්‍රීඩාගාරය තුල හුරේ දැමූ අයුරු සියලු ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීනට නෙතගට කදුලක් මුසුකල දර්ශනයක් බවට පත්වුනා…

මතු සම්භන්දයි..

Duminda Sampath-DSA
CRIC Sri Lanka

No Comments


Please login to comment

Cric Sri Lanka

Created By www.mcsoftsis.com